Our programme

තරු ළමා කවය

දරුවන්ට සුන්දර ළමා කාලයක් හිමිවිය යුතුයි. ආදරණීය, සුන්දර ළමා අත්දැකීම් නොමැතිව හැදී වැඩෙන දරුවන් දවසින් දවස වැඩෙන්නේ තම ළමා කාලයට වෛර කරමින්, තමන්ට වෛර කරමින්.
තමන්ට, තම ළමා කාලයට වෛර කරනා කිසිවෙකුටත් පෙරලා සමාජයට ආදරය කරන්න බැහැ. ඉතින් සමාජයට ආදරය කරන්න නම්, සමාජය පිළිබදව සුබ බලාපොරොත්තු ඇතිකරගන්න නම් අපි මුලින්ම දරුවන්ට නිරෝගී, පරිපූර්ණ ළමා දිවියක් හිමිකර දිය යුතුමයි. දරුවන්ව ආදරණීය අත්දැකීම් වලින් පිරුණු සුන්දර ළමා සිහිවටන තුළ ජීවත් කරවිය යුතුමයි. ළමා ජීවිත අපූර්වත්වයෙන් විකසිත කළ යුතුමයි. තරු ළමා කවය ඒ වෙනුවෙන්.

අරුණෝදය නව යෞවන කවය

මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රභලම සහ ඉහළම වටිනාකම වන දැනුම සමාජ ප්‍රාග්ධනයක් ලෙස නැවත සමාජ ප්‍රගමනයටම ආයෝජනය කිරීම සාමූහික අධ්‍යාපන සංගමයේ අරමුණයි.
අතීත ශ්‍රමයේ සහ සාර්ථකත්වයේ මෙන්ම අසාර්ථකත්වයේ උරුමයන් ලෙස පැමිණි දැනුම අභ්‍යයාස කිරීම තුළ අපගේ බුද්ධිය වර්ධනය වන අතර දැනුම ඇත්තේ මා තුළවත් ඔබ තුලවත් නොව අප අතර බවයි සාමූහික අධ්‍යාපන සංගමය යෝජනා කරන්නේ.
සාමූහික අධ්‍යාපන සංගමය යටතේ ක්‍රියාත්මක වන දුයිෂෙන් ඉස්කෝලේ හරහා සල්ලි වලින් ලංසු නොතියන දැනුම අපි සිසු පරපුරට ලබාදෙනවා. ගුරුන් පසුකර යන සිසුන් නිමවන ගුරු පරපුරක ගරු ශිල්ප

සාමූහික අධ්‍යාපන සංගමය

මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රභලම සහ ඉහළම වටිනාකම වන දැනුම සමාජ ප්‍රාග්ධනයක් ලෙස නැවත සමාජ ප්‍රගමනයටම ආයෝජනය කිරීම සාමූහික අධ්‍යාපන සංගමයේ අරමුණයි. අතීත ශ්‍රමයේ සහ සාර්ථකත්වයේ මෙන්ම අසාර්ථකත්වයේ උරුමයන් ලෙස පැමිණි දැනුම අභ්‍යයාස කිරීම තුළ අපගේ බුද්ධිය වර්ධනය වන අතර දැනුම ඇත්තේ මා තුළවත් ඔබ තුලවත් නොව අප අතර බවයි සාමූහික අධ්‍යාපන සංගමය යෝජනා කරන්නේ. සාමූහික අධ්‍යාපන සංගමය යටතේ ක්‍රියාත්මක වන දුයිෂෙන් ඉස්කෝලේ හරහා සල්ලි වලින් ලංසු නොතියන දැනුම අපි සිසු පරපුරට ලබාදෙනවා. ගුරුන් පසුකර යන සිසුන් නිමවන ගුරු පරපුරක ගරු ශිල්ප

සියැටල් පරපුර

තරුණ වැඩිහිටි සියලුදෙනා එක්ව අත්වැල් බැදගන්නා, එක්ව ක්‍රියාකරනා, එක්ව අධ්‍යයනය කරනා, එක්ව සංවිධානය කරනා මිනිස් දම්වැල සියැටල් පරපුරයි. පරිසරයට ආදරය කරනා මිනිස් එකගතාවය මත පමණයි උපනූපන් දරුවන්ට හුස්ම ගන්න පුළුවන් ලෝකයක් ඉතිරි වෙන්නේ. ඉතින් සියැටල් පරපුර ඔබ පිණිසයි, මා පිණිසයි. හෙට පිණිසයි.

අහස පුස්තකාල ජාලය

බුද්ධියෙන් පිරුණු පරපුරක් තනනු වස් අහස පුස්තකාල ජාලය රට පුරා නිවාස මට්ටමින් වගේම ප්‍රජා මූළික මධ්‍යස්ථාන හරහා මේ වනවිට පුස්තකාල ගොඩනංවමින්.
එම පුස්තකාල තුළින් පොත් බෙදාගැනීමේ අපූරු අභ්‍යාසය පුස්තකාල සංවිධායකයින් පුහුණු වෙමින්.
පරිකල්පනය වර්ධනයට වගේම නායකත්වය ඔප්නංවා ගැනීමට, සාමූහිකත්වය නැවත නැවතත් අභ්‍යාස කිරීමට, නිර්මාණශීලී සංස්කෘතික භාවියකට, පුස්තකාල සංවිධායකත්වය වගේම පාඨකයින් අහස පුස්තකාල ව්‍යාපෘතිය හරහා දෛනිකව ගොඩනංවමින් සිටිනවා.
හෙමිහිට වුනත් නිවැරදිව පුංචි පුංචි පුස්තකාල එකට යා කරමින් ලංකාවේ ලොකුම පුස්තකාල ජාලය ගොඩනැංවීම සාර්ථකව මේ මොහොතේත් ක්‍රියාත්මක වෙනවා.

පාත් ක්‍රීඩා සමාජය

මළල ක්‍රීඩා ඉසව් මූළික කරගනිමින් ආරම්භ වුණු පාත් ක්‍රීඩා සමාජය මේ වනවිට ඉතාම සාර්ථකව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනංවමින් සිටින්නේ කිසිදු මූළ්‍යමය ප්‍රතිලාභක් අපේක්ෂා නොකළ වගේම දැඩි කැපවීමෙන් ක්‍රියාකරන පුහුණුකාරිත්වයක පරමාදර්ශී මැදිහත්වීම මතයි.
නව යෞවන මෙන්ම තරුණ ජීවන විලාශයන් හා බැදුනු උද්වේගයන් ක්‍රීඩා පිටියේ ගැටෙන්නට සලස්වමින් ක්‍රීඩා පිටියෙන් එහා මහා සමාජය තුළ විවිධත්වයට ගරු කරමින් සහෝදරත්වය වර්ධනය කිරීමට අවැසි ආධ්‍යාත්මය ප්‍රගුණ කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව සැලසීම වඩා දියුණු සංස්කෘතික සමාජයකට කරනා ආයෝජනයක් බව පාත් ක්‍රීඩා සමාජය තරයේ විශ්වාස කරනවා.
ඒ වෙනුවෙන් තාක්ෂණික සහ විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ වෙමින් අප්‍රතිහත ධෛර්යයෙන් යුත් ජීවන විලාශයක් අත්කරගනිමින් පාත් ක්‍රීඩා ව්‍යාපෘතිය හරහා අපි උඩුගම්බලා පිහිනමින් සිටිනවා.
ජයග්‍රහණයෙන් උදම් අනනවා වෙනුවට නිහතමානීව සතුට …
තරු ලමා කවය
අරුණෝදය
සාමුහික තරුණ සංගමය
දුයිශෙන් ඉස්කෝලේ
සියටල් පරපුර