පරාර්ථය සහ සාමූහිකත්වය තුළින් සමාජය වඩා සුන්දර තැනකට ඔසවාලන්නට ඔබ අපගේ ගමන විශ්වාස කරනවා නම් අප හා අත්වැල් බැඳගැනීමට පහත අවස්ථාවන් විවෘතව පවතිනවා.
01. ඔබගේ මූළිකත්වයෙන් පෙරඹර සංවිධාන ජාලයේ කුමන හෝ ක්‍රියාකාරකමක් ඔබට හැකි හෝ ඔබ කැමති ඕනෑම තැනක ආරම්භ කරමින් පෙරඹර සංස්කෘතික අවකාශයේ සංවිධායකයකු වීම
02. මෙම සාමූහික ගමනේ විවිධ වැඩසටහන් සඳහා සම්පත්දායකයකු ලෙස කටයුතු කිරීම
03. පෙරඹර සංස්කෘතික අවකාශයේ පොදු සමාජ අරමුණ වඩ වඩා මිනිසුන් අතරට ගෙනයාම සඳහා ප්‍රචාරණ සහ ප්‍රවර්ධන ක්‍රියාවලියන් වෙනුවෙන් නිර්මාණශීලීව කටයුතු කිරීම
04. පෙරඹර සංස්කෘතික අවකාශයට හුස්මක් වෙමින් මෙම කාර්යයන් වඩා කාර්යක්ෂමව සිදුකිරීමට අවැසි මූළ්‍ය ශක්තිය වෙනුවෙන් කේවල දායකත්වයන් සැපයීම සහ පොදුවේ විවිධ කණ්ඩායම් සම්බන්ධීකරණය හරහා මූළ්‍ය දුෂ්කරතාවයන් ජයගැනීමට ශක්තිමත්ව කටයුතු කිරීම
පෙරඹර බැංකු ගිණුමට අදාල තොරතුරු පහතින්
ගිණුමේ නම – PERAMBARA CULTURAL FORUM
ගිණුම් අංකය – 311200140052435
බැංකුව – මහජන බැංකුව
ශාඛාව – බේරුවල
o.
