Programme

තරු ළමා කවය
දරුවන්ට සුන්දර ළමා කාලයක් හිමිවිය යුතුයි. ආදරණීය, සුන්දර ළමා අත්දැකීම් නොමැතිව හැදී වැඩෙන දරුවන් දවසින් දවස වැඩෙන්නේ තම ළමා කාලයට වෛර කරමින්, තමන්ට වෛර කරමින්. තමන්ට, තම ළමා කාලයට වෛර කරනා කිසිවෙකුටත් පෙරලා සමාජයට ආදරය කරන්න බැහැ. ඉතින් සමාජයට ආදරය කරන්න නම්

අරුණෝදය නව යෞවන කවය
නව යෞවන විය කියන්නේ ජීවිතයේ කුණාටු සමයයි. ඒ වගේම නව යෞවන විය කියන්නේ ජීවිතයේ ආයෝජන සමයයි. කුණාටු සමයේ ජීවිතය නිවැරදිව තේරුම් ගන්නටත්, නව යෞවනවියේ සිතුම්පැතුම් සාර්ථකව හදුනාගෙන තම සාර්ථකත්වය වගේම සමාජ සාර්ථකත්වය වෙනුවෙන් කාලය සහ ජීවිත නිසිලෙස හසුරුවන්නටත්.

සාමූහික අධ්‍යාපන සංගමය
මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රභලම සහ ඉහළම වටිනාකම වන දැනුම සමාජ ප්‍රාග්ධනයක් ලෙස නැවත සමාජ ප්‍රගමනයටම ආයෝජනය කිරීම සාමූහික අධ්‍යාපන සංගමයේ අරමුණයි. අතීත ශ්‍රමයේ සහ සාර්ථකත්වයේ මෙන්ම අසාර්ථකත්වයේ උරුමයන් ලෙස පැමිණි දැනුම අභ්‍යයාස කිරීම තුළ අපගේ බුද්ධිය වර්ධනය වන අතර දැනුම ඇත්තේ මා තුළවත් ඔබ

සියැටල් පරපුර
ජීවය නොනැසී පවතින පරිසරයක් වෙනුවෙන් ළමා තරුණ වැඩිහිටි සියලුදෙනා එක්ව අත්වැල් බැදගන්නා, එක්ව ක්‍රියාකරනා, එක්ව අධ්‍යයනය කරනා, එක්ව සංවිධානය කරනා මිනිස් දම්වැල සියැටල් පරපුරයි. පරිසරයට ආදරය කරනා මිනිස් එකගතාවය මත පමණයි උපනූපන් දරුවන්ට හුස්ම ගන්න පුළුවන් ලෝකයක් ඉතිරි වෙන්නේ. ඉතින් සියැටල් පරපුර ඔබ පිණිසයි, මා පිණිසයි. හෙට පිණිසයි

අහස පුස්තකාල ජාලය
බුද්ධියෙන් පිරුණු පරපුරක් තනනු වස් අහස පුස්තකාල ජාලය රට පුරා නිවාස මට්ටමින් වගේම ප්‍රජා මූළික මධ්‍යස්ථාන හරහා මේ වනවිට පුස්තකාල ගොඩනංවමින්. එම පුස්තකාල තුළින් පොත් බෙදාගැනීමේ අපූරු අභ්‍යාසය පුස්තකාල සංවිධායකයින් පුහුණු වෙමින්. පරිකල්පනය වර්ධනයට වගේම.නායකත්වය ඔප්නංවා ගැනීමට, සාමූහිකත්වය නැවත නැවතත් අභ්‍යාස කිරීමට, නිර්මාණශීලී සංස්කෘතික භාවියකට.

පාත් ක්‍රීඩා සමාජය
මළල ක්‍රීඩා ඉසව් මූළික කරගනිමින් ආරම්භ වුණු පාත් ක්‍රීඩා සමාජය මේ වනවිට ඉතාම සාර්ථකව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනංවමින් සිටින්නේ කිසිදු මූළ්‍යමය ප්‍රතිලාභක් අපේක්ෂා නොකළ වගේම දැඩි කැපවීමෙන් ක්‍රියාකරන පුහුණුකාරිත්වයක පරමාදර්ශී මැදිහත්වීම මතයි. නව යෞවන මෙන්ම තරුණ ජීවන විලාශයන් හා බැදුනු
